• About Us slider 1
  • About Us slider 2
  • About Us slider 3

ජාතීන්ගේ ධනය

ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස විරුදාවලිය ලත් ශ්‍රී ලංකාව හුදෙක්ම අතිශය සුන්දර දිවයිනක්ම යන තේමාවෙන් ඔබ්බට දිවයන ඉතා අනගි වර්ණවත් මාණික්‍ය බිහිවන භූමියක් ලෙස හැදින්විය හැක. විශ්මය ජනක, “නිධන් දුපත“ ජීවත් වන ජාතිය ඉතා ශෝභන මහාණුභාවසම්පන්න වන අතර වලාකුළු නොමැති රාත්‍රී අහසේ නිවෙමින් පත්තුවෙමින් දිලිසෙමින් පවතින තරු මෙන් වු අසිරිමත් හා විශ්මය ජනක විවිධ වර්ණවත්, සිත් වශීකරණ මැණික් ගල් වලින් පිරි දිවයිනක් ලෙස ශ්‍රී ලංකාව හැදින්විය හැක.

ඉතා ඈත අතීතයේ සේද මාවත ඔස්සේ පැමිණි චීන,අරාබි සහ චීන සම්භවයක් ඇති ප්‍ර‍සිද්ධ වෙළෙදුන් ආකර්ශනයට පත්කල මෙම මනරම් භූමිය මධ්‍යතන යුගයේ ඉතිහාසඥයින් “ රත්න දීපය” නැතහොත් මැණික් දිවයින ලෙසද හඳුන්වන ලදී. මෙම මැණික් පුරාතන රජවරුන් අමන්දානන්දයට පත් කළේය.

ක්‍රි.පු.1292 ප්‍ර‍සිද්ධ සංචාරකයෙකු වන මාර්කෝ පෝලෝ ප්‍ර‍කාශ කරන ලද්දේ “ශ්‍රී ලංකාව සතු භූමි ප්‍ර‍මාණය අනුව ගත්කල ලෝකයේ ඉතා දුර්ලභ, අනගි මැණික් නිපදවනු ලබන ප්‍ර‍මුක රට වන බවත්, එහි ගංගා තුල ගලා යන අනගි මැණික් අතරට පද්මරාග, නිල් මැණික් සහ රබහ වැනි මැණික් විශේෂ ඉතා ආකර්ශණීය බවත් ”ය.

ලංකාවේ ශ්‍රේෂ්ඨ ඉතිහාස වංශ කථාව වශයෙන් අවිවාදයෙන් සැලකෙන “මහා වංශය“, මෙම දිවයිනෙහි හමුවන මැණික් සම්පත පිළිබද එහි සුවිශේෂී බව පිළිබඳවත් සඳහන් කර ඇත. ශ්‍රී ලංකාවේ හමුවු අනගි මැණික් ඔබ්බවන ලද රාජකීය ඔටුනු සහ කඩු බ්‍රිතාන්‍ය රාජාණ්ඩුව ඇතුළු බොහෝ රටවල එම්ප්‍රදෝරුවන් සහ රජවරුන් වෙත පරිත්‍යාග කර ඇත.

මහා බ්‍රිතාන්‍යයේ රාජකීය කෞතුකාගාරය තුල ප්‍ර‍ර්ශනය කරනු ලබන මිලකල නොහැකි අයිතමයන් අතර ශ්‍රී ලංකාවේ මැණික් ගල්ද දක්නට ලැබේ. වටිනා සහ චිත්තාකර්ශණීය වර්ණාවලින් යුත් නිල් මාණක්‍ය, ආර නිල් මාණික්‍ය, පද්මරාග, ඇලෙක්සැන්ඩ්‍රියට්, වෛයිරෝඩි, රබහ, ගෝමේද, තෝරමල්ලි, සහ කිරිංචි ‍ ලංකාවෙන් හමුවන අතර එහි ඇති ගුණාත්මක භාවය සහ ප්‍ර‍මාණාත්මක බව සහ    අඛණ්ඩ සැපයුම ඉතිහාසයේ  සදහන් සලමන් සහ ෂෙබා යුගයේ මේ දක්වා ප්‍ර‍සිද්ධියක් උසුලන  ආශිර්වාද ලත් දිවයිනක් ලෙස සැළකිය හැක. මිල කල නොහැකි  ලෝක ප්‍ර‍සිද්ධියක් උසුලන මැණික් අතර ශ්‍රී ලංකාවේ හමුවන  පෙරදිග යෝධ නිල් (කැරට් 466), වෙනස්වන නීල මාණිඛ්‍යය ( කැරට් 423), ආසියාවේ නිල් විලාසිනී ( කැරට් 400), Rossar Reeves ස්ටාර් රතු කැට (කැරට් 138.7) සහ සහ ශ්‍රී ලංකාවේ තරුව (කැරට් 393), සහ රශ්මි නිධානය (කැරට් 105 වෛරෝඩි) මෙම රත්න දීපය තුළ ප්‍රභවය ලත් ඒවා වේ. " ශ්‍රී ලංකා තරුව" සහ "රශ්මි නිධානය" ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සාඩම්බර උරුමයකි.

 

 

රාජ්‍ය මැණික් සංස්ථාව (රා.මැ.සං.) 1971 අංක 13 දරන පාර්ලිමේන්තු පනත

රාජ්‍ය මැණික් සංස්ථාව 1971 මාර්තු මස 9 දින  1971 අංක 13  දරන පාර්ලිමේන්තු පනත මගින් ශ්‍රී ලංකාවේ මැණික්  කර්මාන්තයේ සියළු වගකීම් පාලනය පැවරීම සදහා රාජ්‍ය මැණික් සංස්ථාව නමින් 1971 නොවැම්බර් 01 දින  නැසීගිය ටී. පී. පුංචි අප්පුහාමි මහතාගේ ප්‍ර‍ථම සභාපතීත්වයෙන් යුතුව පිහිටුවන ලදී. එහි විෂය පථය සහ කාර්යයන් පහත දැක්වේ.

1993 අංක 50 දරන  ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියපනත

1993 වසරේදී රාජ්‍ය මැණික් සංස්ථාව 1993 අංක 50 දරන පාර්ලිමේන්තු පනත මගින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය (ජා.මැ.හා.ස්.අ) ලෙස නැවත ස්ථාපනය  කරන ලදී. ජාතික මැණික් සංස්ථාව මෙන් නොව, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත ශ්‍රී ලංකාවේ මැණික් වලට අමතරව ස්වර්ණාභරණ කර්මාන්තයේ සංවර්ධනය, නියාමනය හා ප්‍ර‍වර්ධනය යන වගකීම් පවරා ඇත.