• About Us slider 1
  • About Us slider 2
  • About Us slider 3

 no-image

 

 

 

 

සුමිත් ලාල් මෙන්ඩිස් මයා
සභාපති / ප්‍රධාන විධායක නිලධාරී
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය

 

ශ්‍රී ලංකා ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති - ප්‍ර‍ධාන විධායක නිලධාරී ලෙස ආයතනික ව්‍යුහය පිළිබද සතුටුදායක හැගීමකින් හා ඉදිරි දැක්මකින් යුතුව මෙම පණිවුඩය නිකුත් කරමි. ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය වෙත පනත මගින් පැවරී ඇති ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය නියාමනය, සංවර්ධනය සහ ප්‍ර‍වර්ධනය කිරීමට වගකිව යුතු ආයතනයක් ලෙස කටයුතු කරන අතර අද වන විට මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය දළ ජාතික අපනයනයෙන් තුන්වන ස්ථානයට පත් කිරීමට සෑම උත්සාහයක්ම දරනු ඇත.

තවද ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය විසින් කර්මාන්තයේ අභිවෘද්ධිය සදහා ධනාත්මක පියවරවල් රාශියක් ආරම්භකර ඇති අතර ඒ තුළින් “ශ්‍රී ලංකාව - නිල් මැණික් අගනගරය“ බවට පත් කිරීම අපගේ දැක්ම වී ඇත. ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති - ප්‍ර‍ධාන විධායක ලෙස මාගේ දර්ශනය අනුව කර්මාන්තය උසස් කිරීම සඳහා මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සමග සම්බන්ධවී සිටින හා උනන්දුවක් දක්වන සියළුම පාර්ශවයන්ගේ දැනුම, ශිල්පී දක්ෂතා හා නව සංකල්පයන් මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ අභිවෘද්ධිය සඳහා උපයෝගී කර ගනිමින් ජාත්‍යන්තර වෙළදපොල තුළ ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ සඳහා ප්‍රසිද්ධියක් හා ප්‍රමුඛත්වයක් ලබාදීමට කටයුතු කරනු ඇත. තවද ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය සිය දැක්ම කරා යන ගමනේදී ඒ සඳහා දායකත්වය දරනු ලබන අධිකාරියේ සියලු කාර්යය මණ්ඩලය සදහා මාගේ ගෞරවය පුද කරනු ඇත.

ශ්‍රී ලංකාව, නියත වශයෙන්ම අසමසම වර්ගයන්ගෙන් සහ ගුණාමක තත්ත්වයෙන් යුත් වර්ණවත් මැණික් වලින් පොහොසත් වු රටකි. මාර්කෝ පෝලෝ සහ ඉබන් බතුතා වැනි පුරාණ වෙළඳුන් මේ නිසාම ශ්‍රි ලංකාව විවිධනම් වලින් හඳුන්වා තිබේ. තවද ශ්‍රි ලංකාව ලෝකයම පිළිගන්නා වර්ණවත් පාෂාණ හමු වී ඇති ස්ථාන අතුරින් ප්‍රමුඛ රටක් බවට සැලකේ. ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය විසින් මැණීක් හා ස්වර්ණාභරණ කර්මාන්තය ඵලදායි ලෙස උසස් කිරීම හා ජාත්‍යන්තර වෙළ‍ෙඳපොළ ජය ගැනීමට දායකත්වය සපයනු ලබයි.

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය විසින් සියලුම වෙළ‍ෙඳපොළවල් සහ ප්‍ර‍දර්ශන වලදී පුළුල් සහභාගීත්වය ඇති කිරිම තුළින් “ශ්‍රී ලංකාව - මැණික් සඳහා අගනුවර“ යන නාමය ජාත්‍යන්තර වෙළ‍ෙඳපොළ තුළ ප්‍රචලිත කිරීම අරමුණ වී ඇත.තවදුරටත් මෙම අරමුණින් හා පසුබිම තුළ මාගේ අභිප්‍රාය වන්නේ ජාත්‍යන්තරව පිළිගත් දියුණු තාක්ෂණයෙන් යුතු මැණික් පරීක්ෂා කිරීමේ රසායනාගාරයක් , නවීන තාක්ෂණික උපකරණ හා පුහුණු කාර්ය මණ්ඩලයක් මගින් අප අධිකාරිය හා සම්බන්ධ වන පාරිභෝගිකයන්, ගැණුම් කරුවන් හා ආයෝජකයින්ට විශ්වාසය තහවුරු වන අයුරින් අනර්ඝ සේවාවක් සැපයීමටය.

රෙජිනෝල්ඩ් කුරේ

සභාපති /ප්‍රධාන විධායක නිලධාරී
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය