• industry 1
  • industry 2
  • industry 3

gem miningඉන්දියානු සාගරයේ පිහිටි ඉතා කුඩා දිවයිනක් වු ශ්‍රී ලංකාව ස්කොට්ලන්තයට හෝ ටැස්මේනියාවට හා නිව්යෝක් ප්‍රාන්තයෙන් අඩකටත් වඩා කුඩා භූමි ප්‍ර‍මාණයකින් සමන්විත වුවද අසම සම වු ස්වාභාවික සුන්දරත්වයකින් හා අගනා ස්වාභාවික සුන්දරත්වයකින්ද, අගනා ස්වාභාවික සම්පත් හා ඛණිජ වර්ග වලින්ද ඉතා පැරණි සංස්කෘතික උරුමයන් ගෙන්ද පොහොසත් රටකි.

ශ්‍රී ලංකාව නැගෙනහිර සහ බටහිර මුහුදු මාර්ග අතර පිහිටීම හේතුවෙන් ඉතිහාසය පුරා පුළුල් හා විවිධ වු සංස්කෘතික හා දේශපාලන බලපෑම් වලට නිරාවරණය වීමත් එය හේතුවක් වී ඇත. ග්‍රීක, රෝම, අරාබි සහ චීන කතාන්තර වල දැක්වෙන පරිදී,ඈත අතීතයේ පටන් විවධ ජාතීන්ට අයත් සංචාරකයින් හොදින් දැන සිටි මෙම දිවයින මැණික්, කුළුබඩු, අලි ඇතුන් හා දර්ශනීය ස්වාභාවික දර්ශන පිළිබදව ප්‍රසිද්ධියක් උසුලා ඇත. ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික කර්මාන්තයක් ලෙස මැණික් පතල් කර්මාන්තයේ ඉතිහාසය පැරණි රජ වරුන්ගේ කාලය දක්වා දිවේ.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ (NGJA) නියාමනය හා අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරෙන සම්ප්‍රදායික මැණික් පතල් කර්මාන්තය පරිසර හිතකාමී හා ආචාරධර්ම වලට අනුකූලව සිදුකෙරෙන හෙයින්  මැණික් කැනීම් ක්‍රම පිළිබද සහ පුරුදු සදහා ජාත්‍යන්තර මැණික් පතල් කර්මාන්තයේද බොහෝ මිනුම්දඬු තබා තිබේ. තවද සියවස් ගණනාවක් පුරා පුරුදු පුහුණු කල සම්ප්‍රදායික කැනීම් ක්‍රම නියත වශයෙන්ම ශ්‍රීලංකාවේ වාර්තා වන පතල් අනතුරු අවම වීම් සඳහා ප්‍රධාන හේතුව වී තිබේ.

ශ්‍රී ලංකාවේ තවමත් බහුලව භාවිතා කරන මැණික් පතල් ක්‍රමය වනුයේ සම්ප්‍ර‍දායික තට්ටු පතල් සහ දෝනා පතල් ක්‍ර‍ම පුළුල් වශයෙන් ක්‍රියාත්මක දෙවන ක්‍රමය වනුයේ පතල් කැපීම් හා ගංගාවල මැණික් ගැරීම් වේ.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ කාර්යභාරයන් ගෙන් එක් අංගයක් ලෙස මැණික් ගැරුම් ප්‍රජාවගේ  ජීවිත හා ජීවනතත්වයන්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම හා වැඩිදියුණු කිරීම දැක්විය හැකි අතර කාර්යක්ෂම හා කර්මාන්තයට හිතකර නීති හා රෙගුලාසිමාලාවක් හඳුන්වාදී තිබේ.

තවද පතල් කර්මාන්තයේ නියැලි හදිසි අනතුරු වලට මුහුන දෙන පිරිස් වෙත හදිස් අනතුරු දීමනා ක්‍ර‍මයක්ද පතල් කර්මාන්ත කරුවන්ගේ පාසැල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ අනාගත සුභ සිද්ධිය සදහා ශිෂ්‍යත්ව ක‍්‍ර‍මයක්ද හදුන්වා දී ඇති අතර පතල් කම්කරුවන්ගේ ජීවිතරක්ෂණ ක්‍ර‍මයක් හා විශ්‍රාම වැටුප් ඇති කිරීමටත් පියවර ගනිමින් සිටී.


මැණික් පතල් කැණීමේ සාම්ප්‍රදායික ක්‍රම