• Jewellery
  • Jewellery 2
  • Jewellery 3

ස්වර්ණාභරණ නිෂ්පාදන කර්මාන්තය

වර්තමානයේ ස්වර්ණාභරණ නිෂ්පාදන කර්මාන්තයේ 15,000ක පමණ පුද්ගලයින් සේවයේ නියුක්ත අතර ඉන් තනි ශිල්පීන් වශයෙන් ලියා පදිංචි ප්‍රමාණය 10,000ක් පමණද ඉතිරි සංඛ්‍යාව ප්‍රධාන වශයෙන අපනයනය සදහා ස්වර්ණාභරණ නිෂ්පාදන කර්මාන්ත ශාලා සහ වැඩහල් තුල සේවය කරන සේවකයින් වේ. ලියා පදිංචි ශිල්පීන් යටතේ 1,500ක් පමණ ලියාපදිංචි නොවු සේවකයින්ද වැඩ කරනු ලැබේ. ස්වර්ණාභරණ වැඩහල් සහ ශිල්පීන් ගෙන් 60%ක් පමණ ප්‍රධාන වශයෙන් ග්‍රාමීය ප්‍රදේශවල සහ දකුණු සහ මධ්‍යම පලාත්වල සහ වයඹ, නැගෙනහිර සහ උතුරු පලාත්වල කුඩා කන්ඩායම් වශයෙන් ස්ථානගතවී ඇත. ස්වර්ණාභරණ වැඩහල් වලින් 10%ත් 30ත් අතර ප්‍රමාණයක් පිළිවෙලින් නාගරික සහ උපනාගරික ප්‍රදේශයන් තුල පිහිටා ඇත.

ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කර්මාන්තය ප්‍රධාන වශයෙන් අපනයනය සදහා නිෂ්පාදනය කිරීම්, දේශීය වෙළද පොල හා සංචාරක වෙළද පොළ වශයෙන් අංශ තුනකින් සමන්විතවේ. ස්වර්ණාභරණ සදහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළද පොලවල් ජපානය, ජර්මනිය, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, සිංගප්පුරුව සහ හොංකොං වේ. මෑත කාලය තුලදී,අර්ධ චන්ද්‍රකාන්ත පාෂාණ ඇල්ලු රිදී ස්වර්ණාභරණ සහ අඩු ගුණාත්මක වටිනාකම් ඇති ගල් වලින් සමන්විත ස්වර්ණාභරණ ජනප්‍රිය වී ඇත. සම්ප්‍රදායික ස්වර්ණාභරණ විශාල ප්‍රමාණයක් නවීන මොස්තරයන්ට අනුකූලව ජර්මන් වෙළද පොල සදහා නිෂ්පාදනය කෙරේපසුගිය දශක කිහිපය තුළ ස්වර්ණාභරණ නිර්මාණ හා නිෂ්පාදන වෙනස්කම් ගොඩක් සිදු වී තිබෙනවා.ස්වර්ණාභරණ කර්මාන්තය තුළ පරිගණක මෘදුකාංග භාවිතය තුලින් නවීන මෝස්තර ස්වර්ණාභරණ නිර්මාණයකිරීමට සහ තොග නිෂ්පාදනය සඳහා ප්‍රධාන කාර්ය කාර්යභාරයක් ඉටුකිරීමට කාලය පැමිණ තිබෙනවා.