• Gems 2
  • Gems 3

විචිත්‍රත්වයට පත් ඉතා ශෝභන පරිසරයක්, රන්වන් පැහැති වෙරළ සිප ගන්නා කැටි ගැසී පැමිණෙන මුහුදු තරංග, මිහිදුමෙන් වැසී ඇති කඳු පන්තීන් , මිත්‍රශීලි ජනතාවක් වෙසෙන පාරාදීසියක් බදු වු නිවාස වලින් සමන්විත වටිනා වර්ණවත් මැණික් ගල් වල විශ්ම ජනක එකතුවක් වු ඉන්දියන් සාගරයේ මුතු ඇටය නම්වු දිවයිනකි. ඉතිහාසය පුරාම ලොව පුරා සිටි රජවරුන්, වෙළදුන් සහ ඉතිහාසඥයින් ශ්‍රී ලාංකික මැණික් වලින් පුදුමයට පත්කරන්නට යෙදුනි. තවමත් ශ්‍රී ලංකාව ලෝකයේ පළමු පන්තියේ මැණික් ගල් හදුන්වාදීම පිළිබද ඔටුන්න හිමිකර ගෙන සිටී. ඔබ සෑමදාම සොයාගෙන එන්නාවු සෞන්දර්යයෙන් සහ සිහිවටනයක් වු “ රත්නද්වීපය ” නොහොත් “මැණික් දිවයින”ඔබ සාදරයෙන් පිළිගනි.

ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමින් ප්‍රචලිත ශ්‍රී ලංකාව ශත වර්ෂ ගණනාවක් තිස්සේ කලාත්මක, ආශිර්වාදල මැණික් ගල් සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රසිද්ධ වී ඇත. ලෝකයේ හොදම මැණික් ගල් සොයමින් ලොව පුරා සැරිසරන ලද මුහුදු වෙළදුන් විසින් බොහෝ උත්සාහයන් දැරීමෙන් පසු ඔවුන්ගේ මුහුදු ගමන් වලදී ඇමතුම් වරායක් ලෙස මෙම අපුර්ව භූමිය තෝරා ගන්නා ලදී. ප්‍රසිද්ධ ඓතිහාසික පුරාවෘතයන්ට අනුව ඉංග්‍රීසි රජ පවුල ඇතුළු රාජකීයයන් ඔවුන් ගේ කණ කර සැරසීම සදහා ශ්‍රී ලංකාවෙන් ගෙන්වා ගන්නා ලද මැණික් භාවිතා කර ඇති බවට සාක්ෂි දරනු ලැබේ.

වර්ග කිලෝ මීටර් 65,000ක විහිදී ඇති භූමියෙන් සියයට 80 ක පමණ වු භූමිය ‘ විභව මැණික් දරන්නා ‘ නමින් ප්‍රකාශයට පත් කරන අතර ලෝකයේ වැඩිම මැණික් නිධි ඝනත්වය සතුව ඇති ශ්‍රී ලංකාව දැනට ලෝකයේ හඳුනාගෙන ඇති මැණික් වර්ග 200ක පමණ ප්‍රමාණයෙන් මැණික් වර්ග 70කට අධික සංඛ්‍යාවක් නිෂ්පාදනය කෙරේ.