• Gem 2-1
  • Gem 2-2
  • Gem 2-3

මෙමෝ සහතිකයට  සමාන ව්‍යාජ සහතිකයක් 

memo

 

 

 

රත්තරන් වැඩක්

2016 අගෝස්තු මස 05 වන දින කොළඹ අවට ප්‍රධාන දුම්රිය ස්ථානවල ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය මගින් තවත් අපූරු වැඩක් කළා..මහජනතාව සතු හෝ මිලදී ගන්නට බලාපොරොත්තු වන රන්  භාණ්ඩවල ප්‍රමිතිය පිළිබඳ මහජනතාව දැනුවත් කරමින් අත්පත්‍රිකා බෙදීමේ කාර්යායේ කැපවීමෙන් නිරත වෙමින් සිටින අප සේවක මණ්ඩලයේ මහත්ම මහත්මීන්.

news2

 

විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් සදහා වූ මැණික් සහ ස්වර්ණාභරණ වැඩමුළුව

2016 අගෝස්තු මස 04 වන දින ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය මගින් සංවර්ධනය වෙමින් පවතින රටවල් 23ක විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් සදහා ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය හා ජාතික මැණික් සහ ස්වර්ණාභරණ  අධිකාරිය විසින් සිදුකරන කාර්යභාර්ය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන ඉතා සාර්ථක අන්දමින් පැවැත්විණි.අධීකාරියේ අපනයන සේවා හා අපනයන අලෙවි අධ්‍යක්ෂ රොහාන් පෙරේරා මහතා විසින් ආරාධිත ඇමතූ අවස්ථාව.

news

 2016  ජගත් පරිසර සතියේ සමාරම්භක උළෙල 

2016 ජුනි මස 05 වන දිනට යෙදුන ජගත් පරිසර දිනයට සමගාමීව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ප්‍රධානත්වයෙන් 2016 මැයි මස 30 වන දින පොළොන්නරුව සේවා මුක්ත කදවුර මහ විද්‍යාලයේ පරිසර සතියේ සමාරම්භක උළෙල අතිගරු ජනාධිපතිමෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. මේ සඳහා ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකායේ  විශේෂ දායකත්වය ද ලබාදෙන ලදී.

 

ජගත් පරිසර දිනය -2016

2016 ජුනි මස 05 වන දිනට යෙදුන ජගත් පරිසර දිනයේ සමාරම්භක උළෙල අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගනයේ දි පවත්වන ලද අතර එම උළෙල මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය හා ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය එක්ව සංවිධානය කරන ලද අතර ඒ සදහා 2016 ජගත් පරිසර දින තේමාව මුල්කොටගත් ප්‍රවර්ධන කුටියක් ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය විසින් සංවිධානය කරන ලදී . තවද මාතලේ දිස්ත්‍රික්කයේ මොරගහකන්ද ව්‍යාපෘතියට අයත් අක්කර 05ක පලතුරු පැළ සිටවීම හා එම ප්‍රදේශයේ තෝරාගත් දුෂ්කර පාසල් 05ක් සංවර්ධනය කිරීම සඳහා ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති හා ප්‍රධාන විධායක අසංක වෙලගෙදර මහතා විසින් පියවරගෙන ඇත.

 

 

මෙත් සරණි 2016

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය යටතේ පවතින සියලුම ආයතන එක්ව වෙසක් තෙමගුල වෙනුවෙන් සංවිධානය කරන ලද මෙත් සරණි 2016 වෙසක් බැතිගී ප්‍රසංගය 2016 මැයි මස 19 වන දින මහවැලි අධිකාරි පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදී.ඒ සඳහා ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ වෙසක් බැති ගී කණ්ඩාමද සහභාගී විය.