• Gem 2-1
  • Gem 2-2
  • Gem 2-3

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ විවිධ කාරියයභාර්යයන් අතර තවත් වැදගත් අංශයක් වන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගා සිටුවීමයි. මේ අනුව මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත්‍රය සම්බන්ධ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ වෙළඳපොළ වර්ධනය කිරීමට, ඔවුන්වෙත ජාත්‍යන්තර වෙළඳපොළ වෙත අවතීර්ණය වීමට හැකි සෑම අවස්ථාවක්ම උදාකර දීම ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ වගකීමයි.

ඒ අනුව කොළඹ 01 ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ නැගෙනහිර කුලුනේ 5 වන මහලේ “රත්නදීප” නමින් ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය යටතේ මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනාගාරයක් ආරම්භ කර ඇත.ඒ අනුව මේවන විට එහි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 04 දෙනෙකු තම වෙළඳ කටයුතු සාර්ථකව පවත්වාගෙන යනු ලබයි.

මෙම රත්නදීප ප්‍රදර්ශනාගාරයේ විකිණීමට තබා ඇති ස්වර්ණාභරණ වටිනා ලෝහ නිශ්ෂය කිරීමේ කාර්යංශය මගින් පරීක්ෂා කර ඇති අතර එහි විකිණීමට තබා ඇති මැණික්ගල් ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ මැණික් පරීක්ෂා කිරීමේ රසායනාගාරයේ සහතිකයක් සමඟ මිලදී ගැනීමේ පහසුකම් ද සපයාදී ඇත.

තවද ඔබ උපන් මාසයට, ඔබේ ලග්නයට අදාළ මැණික් ගල් සහ නව රත්ත මැණික්ගල් කට්ටල ඉතා විශ්වාසදායි ලෙස පහසු මිලට මෙම ප්‍රදර්ශනාගාරයෙන් මිලදී ගත හැකිය.දේශීය හා විදේශීය ගැණුම්කරුවන්ට පහසුකමක් ලෙස ඉතා සාධාරණ මිලකට වගකීමකින් යුතුව තම අවශ්‍යතාවයට සුදුසු වන පරිදි මැණික් හා ස්වර්ණාභරණ මිලදී ගැනීමේ අවස්ථාව ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය මගින් සලසා දී ඇත.

ලිපිනය :

රත්නදීප ප්‍රදර්ශනාගාරය
05 වන මහල,නැගෙනහිර කුලුන
ලෝක වෙළඳ මධ්‍යස්ථානය
කොළඹ 01
දුරකථනය - 011- 2445756