“ලංකාව නැමති දිවයින ලෝකයේ නීල මාණිඛ්‍ය පිළිබද ලෝකයේ පළමු මුලාශ්‍රය වන අතර හා සියවස් ගණනාවක් පුරා නිල් මැණික් ගල් සැපයීම පිළිබඳ ප්‍රමුඛයා ලෙසම පවතී. ශ්‍රී ලංකාවෙන් ලැබෙන මෙම නීල මාණික්‍යයට සමාන කල හැකි කිසිම මැණිකක් වෙන එකදු රටකින්වත් සොයාගත නොහැක.” ආචාර්ය එඩ්වඩ් ගුමිලින්
ශ්‍රී ලංකාව සැබැවින්ම ස්වභාව ධර්මයේ මහඟු ලක්ෂණ වලින් සපිරි නිවර්තන කලාපීය පාරාදීසියක් ලෙස සැලකිය හැක. මෙම දිවයින ඉතා සුපරික්ෂාකාරී ස්වාභාවික අත්කම් සමග ප්රභාවත්ව සහ ඉතා අලංකාර මුර්ති ශිල්පීයෙන් සහ නිශ්චිත දීප්තිමත් වර්ණයන්ගෙන් යුත් මැණික් ගල් වලින් සමන්විත නිදන් වදුලක් ලෙස හැදින්විය හැක. මෙම දිවයිනෙහි ශ්‍රී ලංකාවේ ජාතික මාණික්‍ය ලෙස සැලකෙන අතිශය දීප්තිමත් නිල් මාණික්‍යය ලංකාවේ හමුවන අනික් මැණික් අතර ප්‍රසිද්ධියක් ලබා ඇති මැණිකයි.
යටත් විජිත සමයේ ශ්‍රි ලංකාව හඳුන්වන ලද “ සිලෝන් ”යන නාමය තවදුරටත් ශ්‍රී ලංකාවේ නිල් මැණික් හැඳින්වීම සඳහා “සිලෝන් සැෆයර්” ලෙස භාවිතා කෙරේ. වර්ණ අනන්‍යතාවය, පැහැදිලිකම සහ ගුණත්වය “Cornflower නිල් ප්‍රභාව“ යන විශේෂත්වය සදහා එහි ඇති අනික් මැණික් අතර ලෝකයේ කීර්තිමත් වේ. ලංකා නිල් මැණික් වෙනත් රටවලින් හමුවන මැණික් වලට වඩා ඉතා ඉහළ වටිනාකම සහ වැඩි කැමැත්තක් ඇති මැණික් විශේෂයක් බව පිළිගෙන තිබේ. මෙම ශ්‍රී ලංකාවට වඩාත් සුවිශේෂීත්වයක් ලබාදුන් ශ්‍රී ලංකාවේ නීල මාණික්‍යය සැෆයර් මැණික් සඳහා ශ්‍රී ලංකාව අගනගරය ලෙස ලොව පුරා ප්‍රචලිතව ස්ථාපිතව ඇත.
මේ විභූතිමත් “සිලෝන් නිල් මැණික්“ බොහෝ රජවරු තම ඔටුනු වල, සිංහාසනයේ සහ කුඩා ඔටුනවල ඔබ්බවන ලද අතර තවත් පිරිසක් තම පොහොසත් භාවය පෙන්වීමටත් ඔවුන්ගේ මිල කල නොහැකි බඩු බාහිරාදිය අතර හා ගෞරවාන්විත ලෙස ප්‍රදර්ශනය කිරීමටත් අධ්‍යාපන ආයතන සහ කෞතුකාගාර වල විශිෂ්ට එකතුන් අතරද වැජඹේ.
බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි චාල්ස් කුමරු ඔහුගේ පෙම්වතිය වු ඩයනා ස්පෙන්සර් ආර්යාව සමඟ විවාහ ගිවිස ගැනීමේ මුදුව ලෙස ඔවුන්ගේ රාජකීය ස්වර්ණාභරණ නිෂ්පාදකයා විසින් පෞද්ගලිකව ශ්‍රී ලංකාවේ පැල්මඩුල්ලේ සිට ගෙනයන ලද කැරට් 12 Cornflower නිල් ලංකා මැණික වටා ඔබ්බවන ලද දියමන්ති 14 කින් සමන්විතව නිමකරවා ඇත. වර්ෂ ගණනාවකට පසුව රාජකීය සම්ප්‍රධායන් සංකේතවත් කරමින් විලියම් කුමරු කේට් මිඩ්ල්ටන් සමග පැවති විවාහ ගිවිස ගැනීම වෙසෙසීම සඳහාද මෙම දියමන්ති වලින් වටකරන ලද සිත්කළු Cornflower නිල් ලංකා මැණිකකින් සමන්විත මුදුව පළදවන ලදී.
තව දුරටත්, ශාන්ත එඩ්වඩ්ගේ නිල් කැටය, බ්‍රිතාන්‍ය රාජාණ්ඩුවේ අධිරාජ්‍යය ඔටුන්න මුදුනේ මෝල්ටීස් හරස් ගැට්ටේ සවි කරන ලද ගලද ශ්‍රී ලංකාවේ ප්රභවය ලද්දක් බව හදුනාගෙන ඇත.