මාර්ගගත අපනයනය බලපත්රය ඉල්ලන්න

මැණික් හා ස්වර්ණාභරණ තොග අපනයනය සඳහා මාර්ගගත අනුමැතිය ලබා ගැනීම සඳහා අදාළ වන ක්‍රියා පටිපාටිය – FOB අගය USD 200/- ට අඩු

1. මෙම කාණ්ඩය යටතේ මැණික් ගල් සහ ස්වර්ණාභරණ අපනයනය කිරීමට කැමති අපනයනකරුට රුපියල් 500,000/- ක අවම තොග වටිනාකමක් ආවරණය වන වලංගු මැණික් වෙළඳ බලපත්‍රයක් තිබිය යුතුය.

2.ශ්‍රී ලංකා රක්‍ෂණ මණ්‌ඩලයේ ලියාපදිංචි පිළිගත් රක්‍ෂණ සමාගමක්‌ විසින් නිකුත් කරන ලද ප්‍රකාශිත තොග වටිනාකම ආවරණය වන පරිදි විස්‌තරාත්මක රක්‍ෂණ ආවරණයක් අපනයනකරු විසින් ලබාගත යුතුය.

3.ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වෙබ් අඩවියේ මාර්ගගත අපනයන සේවා ක්‍රියාවලිය හරහා පහත ලේඛන ඉදිරිපත්කළ යුතුය. සබැඳිය පහත පරිදි වේ මාර්ගගත අපනයන –

I.අපනයනය පිළිබඳ විස්තර ආවරණය කරන ඉන්වොයිසියක් (ආකෘතිය ONEX 1)
II.ඉන්වොයිසියේ ප්‍රකාශිත විටිනාකම ආවරණය වන රක්ෂණ ආවරණයක්
III.අධිකාරියේ ගෙවීම – නොමිලේ
IV.අදාළ ලියකියවිලි ලැබීම පිළිබඳව මැණික්/ස්වර්ණාභරණ අපනයනය කරන්නා වෙත ලැබීම පිළිබඳ ලේඛණ ලද බවට දැනුම් දී විද්‍යුත් තැපෑල් පණිවිඩයක් ලැබෙනු ඇත.

4.1993 අංක 50 දරණ මැණික් සහ ස්වර්ණාභරණ පනතට අනුව, අන්තර්ජාලය හරහා මැණික් සහ ස්වර්ණාභරණ අපනයන අලෙවිය සිදුකිරීමට අනුමැතිය සහකාර අධ්‍යක්ෂ – තක්සේරු/ රතනවිද්‍යාඥ සහ සහකාර අධ්‍යක්ෂ – අපනයන සේවා සහ අපනයන අලෙවි යන අයගේ නිර්දේශ මත පදනම්ව ලබා දෙනු ලැබේ.

5.අපනයනකරු ශ්‍රී ලංකා රේගුවේ Asycuda පද්ධතිය මඟින් අපනයනය සම්බන්ධයෙන් රේගු ප්‍රකාශයක් (Sri Lanka Custom Declaration) ඉදිරිපත් කිරීමෙන් ශ්‍රී ලංකා රේගුවේ නීති සහ රෙගුලාසිවලට අනුකූල විය යුතුය. මෙම කාර්යය අපනයනකරු විසින් සිදු කළ යුතු අතර අධිකාරිය ඒ සඳහා සම්බන්ධ නොවන බව හෝ වගකිව යුතු නොවන බව කරුණාවෙන් සලකන්න.

6.පහත ලියකියවිලි සමඟ ශ්‍රී ලංකා තැපැල් සේවයේ සීඝ්‍රගාමී තැපැල් පහසුකම් සහිත තැපැල් කාර්යාලයකට තොගය ඉදිරිපත් කළ යුතුය.

I.අධිකාරිය විසින් මාර්ගගත ක්‍රමය මඟින් අනුමත කරන ලද ඉන්වොයිසිය
II.අධිකාරිය විසින් නිකුත් කරන ලද යොමු අංකය
III.FOB අගය ආවරණය වන ලියාපදිංචි රක්ෂණ සමාගමෙන් ලබාගත් රක්ෂණ ආවරණය (උපරිම ඇමෙරිකානු ඩොලර් 200.00 හෝ අපනයන ඉන්වොයිසියේ ප්‍රකාශිත වටිනාකම ආවරණය විය යුතු ය)
IV.මැණික් / ස්වර්ණාභරණ පරීක්ෂා කිරීමේ සහතිකයක් – තිබේ නම් (NGJA Gemological/ Assaying රසායනාගාරයෙන්,කීර්තිමත් ජාත්‍යන්තර රසායනාගාරයෙන් හෝ දේශීයව ලියාපදිංචි මැණික් විද්‍යාගාරයකින්)

7.තැපැල් ස්ථානාධිපති / කුරියර් සේවාව මඟින් අපනයන අයිතම භාර ගැනීමසිදුකරනු ලබන අතර එම අපනයන භාණ්ඩ තොගය වෙත Tracking අංකයක් අපනයනකරු වෙත නිකුත් කරනු ලැබේ. අපනයන ඉන්වොයිසිය සමඟ අපනයන භාණ්ඩ භෞතික පරීක්‍ෂාවක් සිදු නොකළ බැවින් අපනයන ඉන්වොයිසියේ දක්වා ඇති අගයන් සඳහා අධිකාරිය වගකියනු නොලැබේ. තවද, ගැනුම්කරු සහ අපනයනකරු අතර මිලදී ගැනීමේ නියමයන් සහ මූල්‍යමය ගනුදෙනු සඳහා NGJA වගකියනු නොලැබේ.

8.අධිකාරියේ අපනයන අංශයට සහ ශ්‍රී ලංකා රේගුවට අපනයන පද්ධතියෙන් අහඹු ලෙස තෝරාගත් අපනයන තොගයක් සඳහා භෞතික පරික්ෂනක් සඳහා කැඳවීමේ පූර්ණ බලය සහිත ය.

9.අධිකාරියේ අපනයන අංශයට සැකසහිත හෝ පරස්පර මාර්ගගත මැණික් හා ස්වර්ණාභරණ අපනයන තොගයක් අපනයන ඉන්වොයිසිය ඉදිරිපත් කිරීමත් සමඟ/ සැකසීමේදී හෝ අපනයනය සඳහා අනුමැතිය ලබා දීමෙන් පසුව භෞතිකව පරීක්ෂා කිරීම සඳහා කැඳවීමේ තනි බලය ඇත.

මැණික් හා ස්වර්ණාභරණ තොග අපනයනය සඳහා මාර්ගගත අනුමැතිය ලබා ගැනීම සඳහා අදාළ වන ක්‍රියා පටිපාටිය – FOB අගය USD 201/- ට වැඩි USD 1,000/- ට අඩු

1.මෙම කාණ්ඩය යටතේ මැණික් ගල් සහ ස්වර්ණාභරණ අපනයනය කිරීමට කැමති අපනයනකරුට රුපියල් 500,000/- ක අවම තොග වටිනාකමක් ආවරණය වන වලංගු මැණික් වෙළඳ බලපත්‍රයක් තිබිය යුතුය.

2.ශ්‍රී ලංකා රක්‍ෂණ මණ්‌ඩලයේ ලියාපදිංචි පිළිගත් රක්‍ෂණ සමාගමක්‌ විසින් නිකුත් කරන ලද ප්‍රකාශිත තොග වටිනාකම ආවරණය වන පරිදි විස්‌තරාත්මක රක්‍ෂණ ආවරණයක් අපනයනකරු විසින් ලබාගත යුතුය.

3.ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වෙබ් අඩවියේ මාර්ගගත අපනයන සේවා ක්‍රියාවලිය හරහා පහත ලේඛන ඉදිරිපත් කළ යුතුය. සබැඳිය පහත පරිදි වේ මාර්ගගත අපනයන –

I.අපනයනය පිළිබඳ විස්තර ආවරණය කරන ඉන්වොයිසියක් (ආකෘතිය ONEX 1)
II.ඉන්වොයිසියේ ප්‍රකාශිත විටිනාකම ආවරණය වන රක්ෂණ ආවරණයක්
III.අධිකාරිය වෙත ගෙවීම තහවුරු කිරීම සනාථ කිරීම සඳහා කුවිතාන්සිය රු. 500/- + 15% VAT (RS.75/-) = රු. 575/-

සෘජු තැන්පතු සඳහා NGJA ගිණුම් විස්තර
ගිනුමේ නම- ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය
ගිනුම් අංකය – 0000001229
බැංකුවේ නම – ලංකා බැංකුව
ශාඛාවේ නම – සහයෝගිතා ශාඛාව
(චෙක්පත් භාරගනු නොලැබේ)

IV.අපනයනය කිරීමට නියමිත මැණික් හෝ ස්වර්ණාභරණ වල පැහැදිලි ඡායාරූපයක් අඩිරූලක් සමඟ
V.අදාළ ලියකියවිලි ලැබීම පිළිබඳව මැණික්/ස්වර්ණාභරණ අපනයනය කරන්නා වෙත ලැබීම පිළිබඳ ලේඛණ ලද බවට දැනුම් දී විද්‍යුත් තැපෑල් පණිවිඩයක් ලැබෙනු ඇත.

4.1993 අංක 50 දරණ මැණික් සහ ස්වර්ණාභරණ පනතට අනුව, අන්තර්ජාලය හරහා මැණික් සහ ස්වර්ණාභරණ අපනයන අලෙවිය සිදුකිරීමට අනුමැතිය සහකාර අධ්‍යක්ෂ – තක්සේරු/ රතනවිද්‍යාඥ සහ සහකාර අධ්‍යක්ෂ – අපනයන සේවා සහ අපනයන අලෙවි යන අයගේ නිර්දේශ මත පදනම්ව ලබා දෙනු ලැබේ.

5.අපනයනකරු ශ්‍රී ලංකා රේගුවේ Asycuda පද්ධතිය මඟින් අපනයනය සම්බන්ධයෙන් රේගු ප්‍රකාශයක් (Sri Lanka Custom Declaration) ඉදිරිපත් කිරීමෙන් ශ්‍රී ලංකා රේගුවේ නීති සහ රෙගුලාසිවලට අනුකූල විය යුතුය. මෙම කාර්යය අපනයනකරු විසින් සිදු කළ යුතු අතර අධිකාරිය ඒ සඳහා සම්බන්ධ නොවන බව හෝ වගකිව යුතු නොවන බව කරුණාවෙන් සලකන්න.

6.පහත ලියකියවිලි සමඟ ශ්‍රී ලංකා තැපැල් සේවයේ සීඝ්‍රගාමී තැපැල් පහසුකම් සහිත තැපැල් කාර්යාලයකට තොගය ඉදිරිපත්
කළ යුතුය

I.අධිකාරිය විසින් මාර්ගගත ක්‍රමය මඟින් අනුමත කරන ලද ඉන්වොයිසිය
II.අධිකාරිය විසින් නිකුත් කරන ලද යොමු අංකය
III.FOB අගය ආවරණය වන ලියාපදිංචි රක්ෂණ සමාගමෙන් ලබාගත් රක්ෂණ ආවරණය (උපරිම ඇමෙරිකානු ඩොලර් 1,000/- හෝ අපනයන ඉන්වොයිසියේ ප්‍රකාශිත වටිනාකම ආවරණය විය යුතු ය)
IV.මැණික් / ස්වර්ණාභරණ පරීක්ෂා කිරීමේ සහතිකයක් – තිබේ නම් (NGJA Gemological/ Assaying රසායනාගාරයෙන්, කීර්තිමත් ජාත්‍යන්තර රසායනාගාරයෙන් හෝ දේශීයව ලියාපදිංචි මැණික් විද්‍යාගාරයකින්)

7.තැපැල් ස්ථානාධිපති / කුරියර් සේවාව මඟින් අපනයන අයිතම භාර ගැනීමසිදුකරනු ලබන අතර එම අපනයන භාණ්ඩ තොගය වෙත Tracking අංකයක් අපනයනකරු වෙත නිකුත් කරනු ලැබේ. අපනයන ඉන්වොයිසිය සමඟ අපනයන භාණ්ඩ භෞතික පරීක්‍ෂාවක් සිදු නොකළ බැවින් අපනයන ඉන්වොයිසියේ දක්වා ඇති අගයන් සඳහා අධිකාරිය වගකියනු නොලැබේ. තවද, ගැනුම්කරු සහ අපනයනකරු අතර මිලදී ගැනීමේ නියමයන් සහ මූල්‍යමය ගනුදෙනු සඳහා NGJA වගකියනු නොලැබේ.

8.අධිකාරියේ අපනයන අංශයට සහ ශ්‍රී ලංකා රේගුවට අපනයන පද්ධතියෙන් අහඹු ලෙස තෝරාගත් අපනයන තොගයක් සඳහා භෞතික පරික්ෂනක් සඳහා කැඳවීමේ පූර්ණ බලය සහිත ය.

9. අධිකාරියේ අපනයන අංශයට සැකසහිත හෝ පරස්පර මාර්ගගත මැණික් හා ස්වර්ණාභරණ අපනයන තොගයක් අපනයන ඉන්වොයිසිය ඉදිරිපත් කිරීමත් සමඟ/ සැකසීමේදී හෝ අපනයනය සඳහා අනුමැතිය ලබා දීමෙන් පසුව භෞතිකව පරීක්ෂා කිරීම සඳහා කැඳවීමේ තනි බලය ඇත.

මැණික් හා ස්වර්ණාභරණ තොග අපනයනය සඳහා මාර්ගගත අනුමැතිය ලබා ගැනීම සඳහා අදාළ වන ක්‍රියා පටිපාටිය –
FOB අගය USD 1,001/- ට වැඩි USD 3,000/- ට අඩු

1.මෙම කාණ්ඩය යටතේ මැණික් ගල් සහ ස්වර්ණාභරණ අපනයනය කිරීමට කැමති අපනයනකරුට රුපියල් 2,000,000/- ක අවම තොග වටිනාකමක් ආවරණය වන වලංගු මැණික් වෙළඳ බලපත්‍රයක් තිබිය යුතුය.

2.ශ්‍රී ලංකා රක්‍ෂණ මණ්‌ඩලයේ ලියාපදිංචි පිළිගත් රක්‍ෂණ සමාගමක්‌ විසින් නිකුත් කරන ලද ප්‍රකාශිත තොග වටිනාකම ආවරණය වන පරිදි විස්‌තරාත්මක රක්‍ෂණ ආවරණයක් අපනයනකරු විසින් ලබාගත යුතුය.

3.ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වෙබ් අඩවියේ මාර්ගගත අපනයන සේවා ක්‍රියාවලිය හරහා පහත ලේඛන ඉදිරිපත් කළ යුතුය. සබැඳිය පහත පරිදි වේ මාර්ගගත අපනයන –

I.අපනයනය පිළිබඳ විස්තර ආවරණය කරන ඉන්වොයිසියක් (ආකෘතිය ONEX 1)
II.ඉන්වොයිසියේ ප්‍රකාශිත විටිනාකම ආවරණය වන රක්ෂණ ආවරණයක්
III.අධිකාරිය වෙත ගෙවීම තහවුරු කිරීම සනාථ කිරීම සඳහා කුවිතාන්සිය රු. 1,500/- + 15% VAT (RS.225/-) = රු. 1,725/-

සෘජු තැන්පතු සඳහා අධිකාරියේ ගිණුම් විස්තරය