මුල් පිටුව ව්යාපාරික සේවා බලපත්ර පතල් බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලිය
මුල් පිටුව ව්යාපාරික සේවා බලපත්ර පතල් බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලිය

පතල් බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලිය බලපත්රය ඉල්ලන්න

සමාන්‍ය මැණික් ගැරීමේ බලපත්‍ර නිකුත් කිරීම

  • අධිකාරිය විසින් නිකුත් කරන ලද අයදුම් පත්‍රය නිසි ලෙස සම්පුර්ණ කර, අදාළ ලේඛන සමඟ ඉදිරිපත් කල යුතුය. (අයිතියේ ස්වභාවය අනුව ඉඩමේ 2/3 ක අයිතිය    සනාථ කිරීමට අවශ්‍ය ඔප්පු, නඩු තීන්දු, පෙළපත් සටහන්, වසර දහයක පත් ඉරු, ඉඩම සඳහා පිඹුරක් වේ නම් එම පිඹුරෙහි සහතික පිටපතක්, උප්පැන්න මරණ,විවාහ සහතික, හිමිකම් වාර්තා, හවුල්කරුවන්ගෙන් ලබා ගත් කුවිතාන්සි, දිවුරුම් ප්‍රකාශ සහ ජාතික හැදුනුම්පතෙහි ඡායා පිටපත ආදිය)
  • ඉඩමේ ස්වභාවය කුඹුරු ඉඩමක් නම් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලබා ගත් නිර්දේශය, විහාර දේවාලගමකට අයත් ඉඩමක් නම් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවෙන් ලබාගත් නිර්දේශය, රජයේ ප්‍රදාන පත්‍රයක් මත හෝ ඉඩම් සංවර්ධන ආඥා පනත් යටතේ වු දීමනා පත්‍රයක් මත ලැබුණු ඉඩමක් නම් අදාල ප්‍රාදේශිය ලේකම්වරයාගේ ලබාගත් නිර්දේශය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොම්ෂන් සභාව සතුව ඛනිජ අයිතිය රඳවා ගත් ඉඩමක් නම් ඉඩම් ප්‍රත්සංස්කරණ කොම්ෂන් සභාවෙන් ලබාගත් නිර්දේශය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පාලනය වන ඉඩමක් නම් මහවැලි අධිකාරියෙන් ලබාගත් නිර්දේශය යන ආදි ආයතනවලින් ලබාගත් අනුමැතිය එකඟතාවය සහිත නිර්දේශයන් ද ඉදිරිපත් කල යුතුය
  • අදාළ ලේඛණ පරීක්ෂා කිරීමෙන් අනතුරුව, බලපත්‍රයක් ලබාගැනිමට සඳහා අවම වශයෙන් තිබිය යුතු අයිතිවාසිකම් අයදුම්කරු විසින් සපුරා ඇති විට ප්‍රාදේශිය සංවර්ධන නිළධාරියෙකු (ක්‍රියාත්මක නිළධාරි) අයදුම්කරුට දැනුම් දෙන ලබන දිනයක දී බලපත්‍රය ඉල්ලා සිටින ඉඩම හෞතිකව පරීක්ෂා කරනු ලබයි
  • එසේ ඉඩම පරීක්ෂා කර “මැණික් ගැරීමේ බලපත්‍රයක් අයදුම් කර ඇති බවට” ප්‍රසිද්ධ කරන දැන්වීමක් ඉඩමේ ප්‍රදර්ශනය කරනු ලබයි. එසේ ප්‍රදර්ශනය කරනු ලබන්නේ එම ඉඩම සඳහා මැණික් ගැරීමේ බලපත්‍රයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් දක්වන අය සිටී නම් ඒ සඳහා ඉදිරිපත් වීමට ය. එසේ විරෝධතා ඉදිරිපත් වුවහොත් ඒ සම්බන්ධයෙන් විරෝධතා පරීක්ෂණ පවත්වනු ලබයි
  • දැන්වීම් ප්‍රසිද්ධ කිරීමෙන් පසු නියමිත දින 14 ක තාලය ඇතුළත විරෝධතා ඉදිරිපත් වී නොමැත්තේ නම් සහ අයදුම්කරු බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය සියලු අවශ්‍යතා සපුරා ඇති නම් අයදුම්කරුගේ තොරතුරු සහ ඉඩමේ තොරතුරු පරිගණක ගත කිරීමෙන් සහ නිලධාරීන්ගේ නිර්දේශ ලැබු පසු අදාල ඇප මුදල් සහ බලපත්‍ර ගාස්තු අය කිරීමෙන් සහ සභාපති සහ ප්‍රධාන විධායකගේ අනුමැතියෙන් සහ අත්සනින් යුතුව වසරක කාලයක් සඳහා බලපත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කරනු ලබයි

අයිතිවාසිකම් පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම

ප්‍රාදේශීය සංවර්ධන සහකාර විසින් දැන්වීම් පළ කිරීමෙන් පසු, විරෝධතා ඉදිරිපත් වී ඇත්නම් එකී සියලු විරෝධතා සම්බන්ධයෙන් අදාල කලාපයේ ප්‍රාදේශිය සංවර්ධන සහකාර විසින් හෝ සභාපති වරයා විසින් බලය පවරනු ලබන අධිකාරියේ වෙනත් නිළධාරියකු විසින් මුලික විරෝධතා පරික්ෂණ පවත්වනු ලබයි

 

මැණික් ගැරීමේ  යාන්ත්‍රික අවසරපත් නිකුත් කිරීම

සාමාන්‍ය මැණික් ගැරීමේ බලපත්‍රයක් හිමි, අක්කර 01 සහ ඊට වැඩි වපසරියකින් යුතු ඉඩම් සඳහා අදාල නිළධාරීන්ගේ (කැණිම් ඉංජිනේරු සහ ක්‍රියාත්මක නිළධාරී) නිර්දේශයන් සහ අනුමැතියෙන් වසර කාලයක් සඳහා යාන්ත්‍රික මැණික් ගැරීමේ අවසර පත් නිකුත් කරනු ලබයි.

 

යාන්ත්‍රික පතල් සම්බන්ධ ඇප නිදහස් කිරීම

  • සාමාන්‍ය ඇප මුදල් නිදහස් කර ගැනීම සඳහා බලපත්‍රයේ කාලය අවසන් වී මාස දෙකක් ඉක්ම යාමට පෙර බලපත්‍රලාභීයා විසින් බලපත්‍රයේ මුල් පිටපත සහ ඇප තැන්පත් කරන ලද රිසටිපත සමඟ ලිපියක් මඟින් ඇප ඉල්ලීම සිදු කරනු ලබයි
  • ප්‍රාදේශිය සංවර්ධන නිළධාරී විසින් බලපත්‍රලාභි හෝ ඔහුගේ නියෝජිතයෙකු සමඟ පතල් වලවල් නිසි පරිදි වසා භූමිය යථා තත්වයට පත් කර ඇති දැයි පරීක්ෂා ක්ෂේත්‍ර පරික්ෂාවක් සිදු කොට වාර්තාවක් කළමනාකරණ සහකාර වෙත යොමු කල පසු, වෙනත් රාජ්‍ය ආයතනවලින් ලබා ගත යුතු නිර්දේශ වෙතොත් ඒවා ද ගෙන්වා ගැනීමෙන් පසු, ඇප ගෙවීමට අවශ්‍ය අනුමැතිය ලබාගැනීමට නිළධාරීන් වෙත යොමු කරනු ලබයි. එසේ අනුමැතිලත් පසු මූල්‍ය අංශය වෙත යොමු කොට ඇප මුදල් නිදහස් කිරීමට කටයුතු කරනු ලැබේ

යාන්ත්‍රික පතල් අවසර ලබාදීමේ දී  ඒ විශේෂ  ඇප ද පතල් කැපීමට අවසර දී ඇති වපසරියට සමානුපාතිකව ද තැන්පත් කරනු ලබන ඇප මුදල් නිදහස් කිරීම ඉහත පරීදිම සිදු කරනු ලබන අතර, අදාළ ඇප මුදල් කොටස් වශයෙන් හෝ සම්පූර්ණ වශයෙන් නිදහස් කිරීමට කටයුතු කරනු ලැබේ

 

මැණික් ගැරීමේ බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අය වන ගාස්තු

බලපත්‍ර අයදුම්පත් ගාස්තු – රු. 800. 00 + VAT
මුලික ගාස්තු (අයිතියේ ස්වභාවය අනුව) තනි අයිතිය – රු. 1500.00 + VAT
හවුල් අයිතිය – රු 5000.00+ VAT
බදු අයිතිය – රු 5000. 00+ VAT
සාමාන්‍ය පතලක් සඳහා ගාස්තු – රු. 8000. 00+ VAT
හදිසි අනතුරු දීමනා (එක් පතලක් සඳහා) – රු. 500.00
ඇප තැන්පතු එක් පතලක් සඳහා (ආපසු ගෙවන) – රු. 10000.00
රජ‍යෙ‍් ඉඩමක් සඳහා අක්කර 01සඳහා ඛනිජ බදු – රු 10000.00