පැමිණිළි සම්බන්ධයෙන් අධිකාරිය මගින් ගෙන ඇති පියවරයන්

2018 වර්ෂයේ මැණික් වෙළදාමට හා ස්වර්ණාභරණ වෙළදාම සම්බන්ධයෙන් විදේශිකයන්ගෙන් ලද පැමිණිලි 5 ක් හා දේශීය වශයෙන් ලද පැමිණිලි පරීක්ෂණ පවත්වා ඇති අතර බලපත්‍ර කොන්දේසි කඩකිරීම සම්බන්ධයෙන් රු.450,133.33 ක සමථ ගාස්තුවක් අය කර ඇති අතර රු. 999,999.99 සමථ ගාස්තු නියමකර ඇත. දේශීය පැමිණිලි 04 ක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතී.

පරීක්ෂණයේදී හෙලිකරගත් කරුණු

  1. විදේශ ව්‍යවහාර මුදල් මගින් සිදුකරන ගනුදෙනු අධිකාරිය වෙත වාර්තා නොකිරිම.
  2. ව්‍යාජ මැණික් ගල් විකිණීම
  3. මැණික් සදහා වැරදි සහතික නිකුත් කිරීම
  4. ස්වර්ණාභරණ වෙළදාම හා නිෂ්පාදනය අධිකාරියේ ලියාපදිංචි නොකිරිම
  5. මැණික් වෙළද බලපත්‍රයක් නොමැතිව මැණික් වෙළදාමේ නිරත වීම.
  6. නිසි ප්‍රමිතියෙන් තොර ස්වර්ණාභරණ අලෙවි කිරීම